Ansathu oba | අන්සතු ඔබ – Thisara Weerasinghe ( Offcial Music Video )



අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදක් නොකරම වරදෙහි බැඳුනී
සිත සනසාගෙන දුර හිද විඳිමී

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

Song Title – Ansathu Oba ( අන්සතු ඔබ )
Artist – @Thisara Weerasinghe
Melody – Thisara Weerasinghe
Lyrics – Rushan Silva
Music – @Lahiru De Costa
Guitar Arrangements – Buddhika Perera
Mix & Mastered – Lahiru De Costa @ LAV Studio

Cast – @XAVIER KANISHKA / Nipuni Poojitha Gunawardhana
Directed by Nimna Dewpura
DOP – Nerun Kalpajith
Editor & Colorist – Nerun Kalpajith @ @Jeeth Studios
Costume Design – Dithri @ Warna Saree
Acting Choreography – Nalin Lusena

Assistant Director – Kasun Thivanka
Production Manager – Dinuka Lakshan
Camera Assistant – Udara Vithanage
Transportations – Nishantha Basnayake

Special Thanks – @Prauda Buwaneka / Suranga Salinda / Gihan Silva / Akalanka Prabashwara / Stefan Thrimanne / Prince Gunawardana

YouTube
Apple Music
Spotify
Deezer
SoundCloud
TIDAL
JioSaavn
BoomPlay

source

15 Comments

  1. හැම දෙයක්ම හරිම තාත්ත්විකව ගලපලා . දරාගෙන ඉන්න අමාරැයි.ඇස් බොද වෙන්නෙ නොදැනිමයි . අපි කොයි තරම් කිවත් කවුරු වුනත් රහසින් හරි හිතින් හරි මෙ දෙයට මුහුණ දිලා තියෙනවා .

  2. ඒ ගීතය ළඟ හිත නතර උනා කිව්වොත් නිවැරදි, ඒ තරම්ම ඒ පද ,සංගීතය මාර ගැලපීමක්, රඟපෑම මාර තාත්විකයි

  3. මේකට වෙන ලස්සන පද පේලි අවනම් නියමයි. අසම්මත ආදරය මෙහෙම යද්දී සම්මත ආදරය අනික් පැත්තේ දුකින් ඇති කියා හිතෙද්දී විදින්න අමාරුයි මේ සින්දුව.
    Anyway very beautiful song

  4. මම හිතන්නෙ මේක ගොඩක් දුරට දැනිල තියෙන්නෙ boot කාපු කට්ට්යට එක මේ comments වලින්ම පේනවා,,,මම නන් දන්නෙ නැ මේ feelling එක,,මොකද මම තාම ආදරය කරලා නැ…

Comments are closed.

© 2024 Lyrics MB - WordPress Theme by WPEnjoy