Malen Upan Samanali (මලෙන් උපන් සමනළී) – Raween Kanishka & Nuwandhika Senarathne | eTunes



Malen Upan Samanali – Raween Kanishka & Nuwandhika Senarathne | eTunes | Deweni Inima Teledrama Song

Artist – Raween Kanishka / Nuwandhika Senarathne
Lyrics – Gihan Chamika
Melody – Nimesh Kulasighe
Music – Chathurangana De Silva
Choreography – Tharanga Harsha Kumara

LYRICS
මලෙන් උපන් සමනලී
රෝස කැලෙන් හමු වුණි
හිතේ රිදුන තැන් බලා
හිමින් ඉඹින්නම්

හිනාවෙන්න ළඟින් ඉන්න
මා ගාවම තටු සලන්න
හිත හදන්න ළඟට එන්න
මලෙන් උපන් සමනලී

මුළාවෙන්න එපා ඔන්න
මේ පාරේ පියඹන්න
පෙම් කරන්න උගන්නන්න
මලෙන් උපන් සමනලී

මහ නපුරන් එකතු වෙලා
නපුරුකමක් කලාදෝ
මගේ මැණිකට හිත රිදිලා
ලොවම එපා වෙලාදෝ

හීන දකින වෙලාවේ
චුට්ටක් බය උනානේ
ලොවම නපුරු වුණාවේ
ළඟම සොඳුරු ඔයා නේ

මලෙන් උපන් සමනලී
රෝස කැලෙන් හමු වුණි
හිතේ රිදුන තැන් බලා
හිමින් ඉඹින්නම්

මමයි රෝස සමනලී
රෝස කැලේ ඉපදුණි
හිතේ තැනක් රිදුනොතින්
තුරුළට එන්නම්

හිනාවෙන්න ළඟින් ඉන්න
මා ගාවම තටු සලන්න
හිත හදන්න ළඟට එන්න
මලෙන් උපන් සමනලී

පියාඹන්න කියාදෙන්න
හිත අස්සට වෙලා ඉන්න
අල්ලගන්න ළඟින් එන්න
බයයි රෝස සමනලී

සංසාරේම මේ මාගේ
දෑස් ළඟම ඉන්නකෝ
රිදෙන තැනදී ඔය වාගේ
ආදරේම වෙන්නකෝ

ලොවම එරෙහි වුණාවේ
කාලය නැවතුනාවේ
මගේ දෙතොල් ඔයාගේ
කම්මුල් මල් තලාවේ

මලෙන් උපන් සමනලී
රෝස කැලෙන් හමු වුණි
හිතේ රිදුන තැන් බලා
හිමින් ඉඹින්නම්

මමයි රෝස සමනලී
රෝස කැලේ ඉපදුණි
හිතේ තැනක් රිදුනොතින්
තුරුළට එන්නම්

හිනාවෙන්න ළඟින් ඉන්න
මා ගාවම තටු සලන්න
හිත හදන්න ළඟට එන්න
මලෙන් උපන් සමනලී

පියාඹන්න කියාදෙන්න
හිත අස්සට වෙලා ඉන්න
අල්ලගන්න ළඟින් එන්න
බයයි රෝස සමනලී

මලෙන් උපන් සමනලී
රෝස කැලෙන් හමු වුණි
හිතේ රිදුන තැන් බලා
හිමින් ඉඹින්නම්

මමයි රෝස සමනලී
රෝස කැලේ ඉපදුණි
හිතේ තැනක් රිදුනොතින්
තුරුළට එන්නම්

#MalenUpanSamanali #RaweenKanishka #NuwandhikaSenarathne #eTunes #deweniInima #Aksha #NethmiRoshel #DeweniInimaSong

source

8 Comments

Comments are closed.

© 2024 Lyrics MB - WordPress Theme by WPEnjoy